වවුනියාව,නෙඩුන්කේනි,මුදිරම්පිට්ටි ප්‍රදේශයේ ළිඳක තිබි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ඊයේ(14) සවස සොයා ගැනේ.
නිවසේ දෙමාපියන් නොමැති අවස්ථාවක් සිය සහෝදරයා සමඟ ළිඳ බැලීමට ගිය අවස්ථාවේ දරුවා ළිඳට වැටී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
දරුවා ළිදෙන් ගොඩගෙන නෙඩුන්කේනි රෝහලට ඇතුළත් කොට තිබු නමුත් අදාළ අවස්ථාව වනවිට දරුවා ජිවිතක්ෂයට පත්ව සිටි බවද පොලිසිය පැවසීය.
වවුනියාව නෙඩුන්කේනි මහා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලද 07 හැවිරිදි දරුවෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.