Business is booming.

ළහිරු කුමාරට ICC යෙන් දඩ

0 306

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා. ඒ, නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයේ දී ඔහු අයි.සී.සී. විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔහු පන්දු යවමින් සිටින අතරවාරයේ දී එක් අවස්ථාවක අසභ්‍ය වචන භාවිත කරමින් අවේගශීලීව අදහස් පල කර ඇති බවටයි චෝදනා එල්ල වූයේ.එම චෝදනාව ඔහු පිළිගෙන ඇති අතර ඒ අනුව ළහිරු කුමාරට තරග ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් සහ එක් දඩුවම් ලකුණක් පනවා තිබෙනවා.

Comments
Loading...