Business is booming.

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

0 115

කොටහේන සහ පානදුර ප්‍රදේශවලදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කොටහේන පොලිස් වසමේ පැරඩයිස් වත්ත ක්‍රීඩා පිටිය ප්‍රජා ශාලව අසලදී ආමර් වීදීය පොලිස් නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කිරීම් සිදු කළ ඇති අතර එහිදී කොටහේන ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවකු හා ත්‍රීරෝද රථයක්  හා පානදුර උතුර පොලිස් වසමේ පරත්ත පාර සඝබෝදි මාවතේ පානදුර උතුර පොලිස් ස්ථානයට ලැබූ තොරතුරක් මත හෙරොයින් ග්‍රෑම් 02යි මි.ග්‍රෑම් 400ක් සන්තකයේ තබා ගෙන සිටි තවත් සැකකරුවකුද අත්අංගුවට ගැනේ. 

එහිදී කොටහේන ප්‍රදේශයේ සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයටත් පානදුර ප්‍රදේශයේ සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයටත් අද දින(07) ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මෙහි වැඩිදුර විමර්ෂන පානදුර උතුර පොලීසිය හා කොටහේන පොලීිසිය විසින් සිදු කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. 

Comments
Loading...