Business is booming.

හිටපු ආරක්ෂක ලේකම් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට

0 129

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත අද පෙරවරුවේ පැමිණියා. 

ඒ, ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා බවටයි වාර්තා වන්නේ.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන ගණනාවක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ලවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද(22) සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතයි.

 

Comments
Loading...