Business is booming.

සේනා දළඹුවාගේ පැතිරීම මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලටත්

0 308

නැගෙනහිර පළාතේ වගාබිම් වනසමින් පැතිර යන සේනා දළඹුවා මධ්‍යම පළාත තුළද පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව කෘෂි විශේෂඥයන් අනතුරු අඟවනවා. සේනා දළඹු විශේෂය මේ වන විට මාතලේ, විපල්ගමුව සහ නාඋල කලාපවල පපැතිර යමින් තිබෙනවා. එසේම මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව සහ නුවරඑළිය, වළපනේ කොට්ටාස තුළ ද සේනා දළඹුවාගේ පැතිර යාමක් දක්නට ඇති බවයි මධ්‍යම පළාත් කෘෂිකර්ම අතිරේක අධ්‍යක්ෂ කුසුම් සෙනෛවිරත්න මහත්මිය පවසන්නේ. මධ්‍යම පළාත තුළ මේ වන විට සේනා  දළඹුවාගේ පැතිරීම සුළු වශයෙන් වාර්තා වී ඇති නමුත් මෙම දළඹුවාගේ පැතිර යාම ඉදිරියේදී ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවත් යම් දළඹු උවදුරකදී වහාම කෘෂි නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් අධ්‍යක්ෂවරිය ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Comments
Loading...