Business is booming.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් වැඩ අරඹයි

0 156

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නව ලේකම් වස්නතා පෙරේරා මහත්මිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදියි. නව ලේකම්වරියගේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටි බවයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

 

 

Comments
Loading...