බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි සංවර්ධන කාර්යාලයේ අභ්‍යන්තර විගණක සහකාර රංජිත් ධර්මකීර්ති මහතා සිරිපා වන්දනාවේ ගොස් සිටියදී (10) රාත්‍රී හෘදයාබාධයකින් මියගොස් තිබේ
සේවා ස්ථානයේ කාර්යමණ්ලයේ හා පවුල්වල ඥාතින් ඇතුලු 45 දෙනෙකුගෙන් පමණ වු නඩයක් සමග ධර්මකීර්ති මහතා මෙම වන්දනා ගමනට සහභාගි වී ඇත්.
සිරිපා වන්දනාකිරිමෙන් පසු ධර්මකීර්ති මහතා බිරිද දරු දෙදෙනා සහ නඩයේ පිරිසක් පහළට ගමන් කරමින් සිටියදී මේ විපත සිදුවූ බව ද විජය බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
හදිසි මරණපරීක්ෂනය මස්කෙලිය මූලික රෝහලේදී සිදුකිරමෙන් පසු දේහය බිරිදට බාර දී ඇත.
මරණකරු කාලයක සිට හෘදයා බාධය සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බව හදිසි මරණ පරීක්ෂණයේදි අනාවරණය වූ බවද පොලිසිය සදහන් කරයි