දිවයින පුරා පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද 08 සහ හෙට 09 දින බලාපොරොත්තුවන බව කාලගුණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
සබරගමුව සහ මධ්‍යම පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී. 150ට වැඩි තද වැසි සහ බස්නාහිර, වයඹ හා දකුණු සහ ඌව පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වේ.
උතුරු මැද පළාතේ මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රීක්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි වැසි බලාපොරොත්තු වේ.
ඇතැම් ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි සහ ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ පැ.කි.මී 70-80ක පමණ කෙටිකාලීන තද සුළං තත්වයක්ද ඇති විය හැකි ය.