Business is booming.

ශිව රාත්‍රී සැමරුම

හැටන් රංජිත් රාජපක්ෂ

0 264

ඊයේට (04)  යෙදි තිබු මහ ශිව රාත්‍රි දිනය වතුකරයේ හින්දු ජනතාව ආගමික වතාවන් වලට සහ හින්දු සංස්කෘතික චාරිත්‍ර වලට මුල් තැන දෙමින් සැමරූ ආකාරය දැකගන්නට හැකි විය.

ඊයේ දවස පුරා උපවාසයේ යෙදෙමින් හින්දු ජනතාව ඊයේ පස්වරු 6 සිට අද (05) අලුයම  තෙක්ම සිව දෙවි කෝවිල් වල පැවැත් වු  පුජාවන් වලට බැතිමතුන් සහභාගි විය.

අදුර පලවා හැර ශිව දෙවියන්ගේ පැමිණිම සහ නව සද උදා විම සංකේතවත් කරමින් ලෝව පුරා හින්දු ජනතාව එක් ව තම නිවැස් ඉදිරිපිට පහන් වැටි දල්වා හින්දු කොවිල් වල ශිව දෙවියන් වෙනුවෙන් පවත්වන පුජාවන්වලට සහභාගි විම මහ ශිව රාත්‍රිය යනුවෙන් හැදින්වේ.

Comments
Loading...