Business is booming.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා සිදුකළ යුත්තේ කුමක්ද ?

0 285

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා සිදුකළ යුත්තේ කණ්ඩායමේ පවතින බෙදීම අවසන් කිරීම බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසනවා.

ඉදිරි දින වලදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක්, එක්දින තරග පහක් හා පන්දුවාර විස්සයි විස්ස තරග තුනක් පැවැත්වීමට නියමිතව පවතී.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 13 වනදා ආරම්භ වීමට නියමිතය.

එම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නම් කරන බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා රජයේ රූපවාහිනි ආයතනයක් වෙත ප්‍රකාශ නිකුත් කර ඇති බව වාර්තා වේ.

තවදුරටත් තොරතුරු දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මේ වන විට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංග බවත් එම පත් කිරීම සිදු කරනු ලැබුවේ නිමා වූ නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පමණක් බවත්ය.

පසුගියදා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේද වෙනසක් සිදු වූ බව දක්නට ලැබුනි. ඒ දිනේෂ් චන්දිමාල් වෙනුවට දිමුත් කරුණාරත්නට නායකත්වය හිමි වීමයි.

Comments
Loading...