Business is booming.

ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ලවී වසර 25යි

0 262

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට කොටි ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට(25) වසර 25ක් සපිරෙනවා. 

ලොව සසළ කළ එම ප්‍රහාරය ලක්වාසී බෞද්ධ අබෞද්ධයින්ගේ හදවත් පමණක් නොව දෙස් විදෙස් විවිධ ජාතීන්, ආගම් භේදයකින් තොරව සසල වූ දිනයකි. 

බෞද්ධයාගේ මුදුන්මල්කඩ බඳු බොදු හදවතට ප්‍රහාර එල්ල වූ ඒ දිනය අපට කෙසේ නම් අමතක කළ හැකිද?

යුනෙස්‌කෝ සංවිධානය විසින් 1984 වසරේ ශ්‍රී දළදා මාලිගය ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීමත් සමඟ මෙහි අවධානය ලෝක ප්‍රජාවගේ වැදගත් ස්‌ථානයක්‌ විය.

කොටි බෝම්බ ප්‍රහාරයෙන් ශ්‍රී දළදා මාලිගයේ ප්‍රධාන දොරටුවට හා ගොඩනැඟිල්ලේ ඇතැම් ස්‌ථානවලට පමණක්‌ හානි සිදුවිය. මෙම ප්‍රහාරය ලෝක බෞද්ධ ජනතාවගේ අනන්‍යතාවයට හා බෞද්ධ උරුමයට කළ විශාල පහර ගැසීමකි. 

විශාල හානියකි. ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩහිඳිනා ස්‌ථානයට කිසිදු හානියක්‌ කිරීමට තරම් රුදුරු කොටියාට නොහැකි වූයේ දළදා වහන්සේගේ බල මහිමය නිසාම වේ. 

කොටි ත්‍රස්තයන්ගේ ප්‍රහාරය එල්ල වී විසි පස් වසරක් ගතවීම සම්බන්ධයෙන්  ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන පහතින් දැක්වේ. 

Comments
Loading...