2019.01.13 වන දින එනම් අද සවස 3.30 ට පමණ වත්තල ප්රදේශයේදී කාර් රථයකින් ගමන්ගත් දෙනෛකුට වෙඩි තබයි.
වත්තල පොලිස් වසමේ හේකිත්ත මාර්ගයේ අයියාන් සබ්රිමලේ කෝවිල අසලදී කාර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර අැති බවට පොලිසිය වාර්තා කරයි.
මෙහිදී කාර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර රථයේ ගමන්ගත් අනෙක් කාන්තාවට කිසිදු හානියක් සිදු වී නොමැත.
වත්තල පොලීසිය විසින වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට ඇත.