ඊයේ (24) සවස 2.45 පමණ දියේ ගිලීමෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජලයේ ගිලීමෙන් මිය යයි.
හසලක පොලිස් වසමේ රත්න ඇල්ල නැරඹීමට ගොස් ඇති මොවුන් එහි දිය නාන අවශ්ථාවේ මෙම සිසුවා දියේ ගිලී ඇත.
ගිලෙමින් සිටියදී බේරාගත් මොහු මහියංගන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
මරණකරු වයස 25ක් වන බටහිර වෙන්නෝරුව, වෙන්නොරුව යන ලිපිනයෙහි පදිංචි දීඝායු අබේරත්න යන අය වේ.
මෘත ශරීරය මහියංගන රෝහලේ තැන්පත් කළ ඇති අතර හසකල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.