Business is booming.

විවිධ නලා ඇති වාහන සොයා වැටලීමක්

වැල්ලවාය - ජයන්ත වීරසේකර

0 166

මොනරාගල පොලිස් කොඨ්ඨාශයේ පොලිස් ස්ථාන දහඅටම ආවරණය වන පරිදි විවිධ නලා වර්ග සහ බල්බ යොදා ධාවනය වන වාහන සොයා ඊයේ උදෑසන සිට මධ්‍යම රාත්‍රි දක්වා විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක විය.

මෙම මෙහෙයුමේදී විශේෂයෙන්ම බස් රථ සහ ටිපර් රථ පරීක්ෂාවට ලක් විය.

 එහිදී එම රථ වාහන වල අධික ශබ්දයක් සහිත විවිධ නලා වර්ග සවිකර තිබිණු ආකරය දැකගත හැකි විය.

 එහිදී එවැනි නලා වර්ග සවිකල රථ වාහන එකසිය හතලිස් අටකට අධිකරණය හමුවේ නඩු පැවරූ අතර මෙවැනි මෙහෙයුම් මොණරාගල කොට්ඨාශය පුරා අඛණ්ඩව සිදු කරන බව පොලිසිය කියයි.

 

Comments
Loading...