Business is booming.

විල්පත්තු වන විනාශයට එරෙහිව පෙත්සම ජුනි මස 28 වන අභියාචනාධිකරණයට

0 213

විල්පත්තු  අභයභූමියේ විලත්තිකුලම් ප්‍රදේශය එළිපෙහෙලි කර ජනතාව පදිංචි කර වීමට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කු මහතා හා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් පෙත්සමක් ගොනු කරනු ලැබු අතර එය 03.22 වන දින විභාගයට ගැනුණේ, අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ ය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන සත්ත්ව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ඉඩම් කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමින් වග උත්තරකරුවන් කර තිබේ.

විල්පත්තු අභයභූමිය ආශ්‍රිත ඉඩම් විවිධ පාර්ශව විසින් මේ වන විට විශාල වශයෙන් එළිපෙහෙලි කරමින් පවතින බවත්, මෙම තත්ත්වය තවදුරටත් සිදු වීමට ඉඩ හැරියහොත් විල්පත්තු අභයභූමියට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවත් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයෝ පෙන්වා දුන්හ.

එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේ ය. එහිදී එම පෙත්සම ජුනි මස 28 වන දා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේ ය.

Comments
Loading...