තමා විල්පත්තු වන රක්ෂිතය විනාශ කළ බව සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු දීර්ඝ කාලීන අවතැන් වුවන් පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා හෝ තමා නියෝජනය කරන මුස්ලිම් සමාජය කිසිදු වරදක් නොකළ බව කී ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
මුස්ලිම් ජනතාව නැවත පදිංචි වුයේ ඔවුනට ලබා දුන් ඉඩම් වල මිස රක්ෂිතයේ නොවන බවද ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නට විය.