Business is booming.

විදුලි සැර වැදී අලියෙකු මරුට

පොලොන්නරුව - තුෂාර තෙන්නකෝන්

0 202

විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි කියන වන අලියෙකුගේ මළ සිරුරක් ඊයේ (01) දා දහවල් වැලිකන්ද වන ජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. 

වැලිකන්ද මල්විල ප්‍රදේශයේ කුබුරු ඉඩමක් ආසන්නයේ මෙම වන අලියා මිය ගොස් සිටි බව වැලිකන්ද වන ජීවී කාර්යාලයේ ප්‍රකාශකයින් සඳහන් කරයි.

මිය ගිය දැවැන්තයා වයස අවුරුදු 30 ක් වන  අඩි 09 ක් අගල් එකක් උසැති පිරිමි වන අලියෙකුය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ වැලිකන්ද වනජීවී නිලධාරීන් විසින් සිදු කරයි.

 

Comments
Loading...