වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් වෙහෙරයාය ආරියසිරි හංදිය ප්‍රදේශයේ දී නීති විරෝධීව තේක්ක දැව තොගයක් කපා ප්‍රවාහනය සදහා සුදානම් කල සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී තේක්ක ලෑලි පනහක්,ලොරි රථයක්.ලී ඉරන ලද ඉලෙක්ට්‍රික් තට්ටුවක් සහ තවත් උපකරණ රැසක්ම පොලිස් භාරයට ගෙන ඇත.
එම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනකු බව පොලිසිය පවසනවා.
දීර්ඝකාලයක සිට මෙම සැකකරුවන් ප්‍රදේශයේ දැව ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.ඉදිරි විමර්ශන කුඩාඔය පොලිසිය සිදු කරයි.