අද(02) උදෑසන 1.30ට පමණ කොන්ක්රීට් කණු දැමීම සඳහා කපන ලද වතුර වලකට වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම පොලිස් වසමේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
මධුෂ්ක ප්රසංග විජේරත්න වන එක් අයෙක් අවුරුදු 32ක් වන අංක 65/1, පේරගස්වත්ත, වටගෙදරමුල්ල, දෙනිපිටියෙහි පදිංචි අයෙක් වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 24ක් වන සමඟි මාවත කොලේදණ්ඩ වැලිගම පදිංචි දිසරුල් හුසේන් ෆයිරූස් ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.