Business is booming.

වලකට වැටුනු අලියා මිය යයි

වැල්ලවාය - ජයන්ත වීරසේකර

0 221

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩාඔය ප්‍රදේශයේ නිවසක වැසිකිලි වලකට ඇද අලියකු ඇද වැටීමක් වාර්තා වේ.

රාත්‍රී ගම්වැදීමෙන් පසු අලියා මෙලෙස වැසිකිලියේ වලට ඇද වැටී ඇති බව ගම්වාසීන් ප්‍රකාශ කරයි.

මෙලෙස ඇද වැටීම නිසා අලියාට දැඩිලෙස තුවාල සිදු වී ඇති අතර අද(18) උදෑසන කාලයේ සිට වැල්ලවාය සහ කිතුල්කෝටේ වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව වනඅලියා ගොඩ ගැනීම සදහා දැඩි පරිශ්‍රමයක නිරත වූ ආකාරය දැකිය හැකි විය.

නමුත් උදෑසන 10.30 පමණ වන අලියා මියගොස් ඇති අතර වනජීවි නිලධාරීන් පවසන ආකාරය මිය යන විට වයස අවුරුදු විස්සත් තිහත් අතර වයසක පසුවන වන්නට ඇති බව ඔවුන් ප්‍රකාශ කරයි. 

වල තුලට ඇද වැටිමේන් අලියාගේ ශරීරයේ පිටුපස කොටස සම්පූර්ණයෙන්ම ගඩොල් වලින් යට වී තිබී ඇති අතර එම  නිසා අලියා තුවාල ලබා මෙලෙස මිය යන්නට ඇති බව වනජීවි නිලධාරීන් ප්‍රකාශ කරයි.

 

Comments
Loading...