ඇඹිලිපිටිය, වරාකැටිආර වැවේ ගිලි පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා.
දියනාමට පැමිණී පිරිසක් අතර සිටි කුඩා දරුවෙකු දියේ ගිලෙමින් සිටියදී ඔහු බේරාගැනිම සඳහා ගිය පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලි අතුරුදන්ව ඇති බව පොලිසිය පැවසුවේ.
දියේ ගිලි අතුරුදන්ව ඇත්තේ වලස්මුල්ල, රන්මලකන්ද ප්රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්.
ප්රදේශවාසීන් සහ නාවික හමුදා නිළධාරින් එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඇඹිලිපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.