වාලච්චේන ප්රදේශයේ පරණ තැපැල් හල මාර්ගයේ කලපුව අසල සිදු වූ දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු පහළොවක පමණ වාලච්චේන ප්රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.
ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මරණය සිදුව ඇති බව වාර්තා වෙයි.
තියුණු ආයුධයකින් පහර දීමෙන් මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා බරපතල තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
සැකකරුවන් වයස අවුරුදු 21 , 23 සහ 25 හැවිරිදි මීරාඕඩය ප්රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අද වාලච්චේන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.