Business is booming.

වටවල රක්ෂිතය ගිනිගෙන විනාශවේ

චන්දන ජයවීර - හැටන්

0 248

හැටන්, වටවල – ටෙම්පල්ස්ටෝ ජනපදයට ඉහලින් පිහිටි වටවල පොලිස් වසමට අයත් ඉන්චාරා රක්ෂිත කොටසේ ඊයේ (16) සවස ඇතිවු ගින්නක් නිසා එම රක්ෂිතයේ විශාල කොටසක් ගිනිගෙන විනාශ වූවා.

16 වනදා සවස 6.30 ට පමණ මෙම රක්ෂිතය ගිනිගනිමින් තිබෙන අයුරු වටවල නගරයට දක්නට ලැබුන බව වටවල නගරවාසින් කියා සිටියා.

ස්වභාවික ශාක .පැලෑටි හා පයිනස් ශාකවලින් ගහනවු අක්කර 12 ක පමණ වනාන්තරයක් වන මෙම ප්‍රදේශය ස්වභාවික ජල උල්පත් වලින් ගහනවු මහවැලි ගංගාවට ජලය සපයන ජල පෝෂක ප්‍රදේශයකි.

එමෙන්ම කුරුළු කෘමි සහ උරග ඇතුළු වන සතුන් රැසක් ජිවත්වන සවභාවික ජෛව විවිධත්වයකින් සමන්විතවු මෙම ප්‍රදේශය ගිනිගෙන විනාශවීම පාරසරික වශයෙන් හානි ගෙන දෙන්නක් වන අතර මධ්‍යම රාත්‍රිය දක්වාම ගිනි ගැනිම සක්‍රියව පැවතුණි.

Comments
Loading...