Business is booming.

ලේ දන්දීමේ වැඩසටහන

තෙරුණි ද සිල්වා - රටවටා පුවත්

0 338

අප LGRM සමූහයේ සාමාජිකයන් වන ඔවුන් වසර ගණනාවක් මුළුල්ලේ දුම්රිය සම්බන්ධ ක්‍රියාකාරකම් සහ LGRM සමාජ සත්කාර යටතේ සමාජය වෙනුවෙන් සත්කාර සිදු කර සංවිධානයකි.

එහි එක් පියවරක් ලෙස මේ වසර තුලදීත් LGRM ලේ දන්දීමේ කඳවුර මාර්තු මස 24 වන දින ඔවුන් විසින් පැවැත්වුවෙමු. 

උදෑසන 8 වන විට නාරාහෙන්පිට ලේ බැංකුවේදී මෙම වැඩසටහන ඇරඹි අතර අති සාර්ථක අයුරින් එම වැඩසටහන නිම කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණි.

එම වැඩසටහන හුදෙක් සමාජ සත්කාරයක්ම නොව,පුණ්‍ය කටයුත්තක් බවද අපි විසින් මතක් කරන්නෙමු.

අද වන විට ලංකාව තුල රුධිර හිඟයක් මතුව ඇති අතර වසරේ වැඩිම ප්‍රමාණයක් රුධිරය අවශ්‍ය වන්නේ ඉදිරි උත්සව කාලසීමාවේදී වේ. අප අදහන ආගම කුමක් වුවත්, ජාති භේද කුමක් වුවත්, කුලමල කුමක් වුවත් රෝහලකදී ඔබ ලබාදෙන ලේ බිඳුවකින් ජීවිත ගණනාවක් රැකගන්නේ ජීවිත් සියල්ල මිල කල නොහැකි බව සියල්ලන්ටම අවබෝධ කරදෙමිනි  ඔබ ලබාදුන් ලේ බිඳුව හෙට දින ඔබගේම මව,පියා,සහෝදර සහෝදරියන්,නෑයන් හිතවතුන් කාගේ හෝ මියැදෙන්නට යන ජීවිතයක් රැකදෙනු ඇත

එබැවින් මෙවැන් පුණ්‍ය කර්මයන් සිදු කරන එවැනි ආයතන හා සංගම් වෙනුවෙන් රටවටා මාධ්‍ය සත්කාරය ඔබ හා නිබද රැදෙනුයේ අදහන ආගම,දර්ශනය අනූව සමාජ සත්කාර්යයක් මෙන්ම පිනක් බැවිනි.

මෙවැනි වැඩසටහන් ඇතොත් රටවටා අපිට දැනුම් දීමට ඔබට හැකියාව ඇති බව දැනුවත් කළ යුතුමය. 

මහා සමාජ සත්කාරයේ කොටස්කරුවෙකු වීමට අපට අවශ්ථාවක් සැලසීමට 075-9650656 අමතන ලෙස සියලු දෙනාටම දන්වා සිටින්නෙමු..

අප සමඟ එක්ව සියලු වැඩකටයුතු සඳහා ලබාදුන් සහයෝගය සහ උපකාරීත්වය පිළිබඳව අප සෑමදා ඔබට ගරු කරන්නෙමු,ස්තූති වන්නෙමු..

මෙම වැඩසටහන වෙනුවෙන් අපව දැනුවත් කරමින් මාධ්‍ය අනුග්‍රහය වෙනුවෙන්  අප කෙරෙහි විශ්වාසය තැබූ එහි කාර්‍ය මණ්ඩලයටත් අපගේ හදපිරි ස්තූතිය පිරිනමන්නෙමු.

ඡායාරූප – අංජන වීරසිංහ

 

 

 

Comments
Loading...