Business is booming.

ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් හෂීස් සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට

0 143

රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(30) රාත්‍රී 7.45ට පමණ සැකකරු සහ හෂීස් තොගය අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. 

පොලිසිය කියා සිටියේ අදාළ සැකකාර 30 හැවිරිදි ඉන්දියානුවාගේ ගමන් බෑගයේ ව්‍යාජ පතුලක් තුළ ඉතාමත් සූක්ෂම ලෙස හෂීස් සඟවා තිබියදී සොයා ගත් බවයි.

සොයා ගනු ලැබූ හෂීස් පාර්සල් දෙකක අසුරා තිබූ බවත් එහි බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් දෙසීය අසූවක් බවත් පොලිසිය පවසනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කට ආසන්න බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අද(31) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

 

Comments
Loading...