Business is booming.

ලක්ෂ්මන්, ඉන්දික සහ විජයමුණි ආණ්ඩු පක්ෂයේ අසුන් ගනී 

0 162

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (18) පාර්ලිමේන්තුව ආරම්භයේදී එක්සත් ජාතික පෙරමුණට එක්ව වූවා. ඒ විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනායි. පාර්ලිමේන්තුවේදී සභාව අමතමින් විජිත් විජයමුණි සොයිසා මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවූ බවත් දේශපාලන ස්ථාවරත්වය ඇති කරනු පිණිස ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් බවත්ය. එසේම එහිදී වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමා ඉතා ගෞරව කරන බවත් එහෙත් මහින්ද රාජපක්ෂ මහතා වටේ සිටිනා පුද්ගලයින් සමග දේශපාලන ගමනක් යා නොහැකි බවත්ය. එසේම අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් අසරණ වී ඇති බවත් කී මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේදී පාක්ෂිකයන්ට සේවාවක් කිරීමට තරම් සුදුසු අමාත්‍යංශයක් නොලැබුණු බවද කියා සිටියා. 

විජිත් විජයමුණි සොයිසා මහතා ආණ්ඩු පක්ෂයට එක්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී කළ කතාව පහතින් අහන්න. 

 

Comments
Loading...