රන්න ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ද ඇගලුම් හලක දීර්ඝකාලයක් තිස්සේ කරගෙන යනු ලැබූ රෙදි ජාවාරමක් වටලයි.
මෙහිදී ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් රෙදි තොගයක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු සමත් වූහ.
ඇගලුම් කම්හලේ සාමාන්‍යාධිකාරී වරයා විසින් හුංගම පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කරන ලද අපරාධ අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව එක සැකකරුවෙකු නිට්ටඹුව ප්‍රදේශයේදී සොරකම්කරන ලද රෙදි තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචි රෙදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී සිද්දියට සම්බන්ධ තවත් සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
අත් අඩංගුවට පත් රොදි තොගය අද (09) දින අගුණකොලපෑලැස්ස මහෙස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය