ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකු කොංග්රස් නායක රාහුල් ගාන්ධිට වර්ගවාදී වාග් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දී කොංග්රස් පක්ෂය හමුවේ පරාජය වූ භාරතීය ජනතා පක්ෂයේ ඡන්ද සටන මෙහෙයවූ කයිලාෂ් විජේවර්ගියා මෙම වාග් ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.
රාහුල් ගාන්ධිගේ මව වන සෝනියා ගාන්ධි ඉතාලි සම්භවයක් සහිත කාන්තාවක් වීම පදනම් කර ගනිමින් ඔහු මෙලෙස අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
එවැනි පුද්ගලයෙකුට දේශ හිතෛෂියෙකු විය නොහැකි බව අදාළ දේශපාලනඥයා පවසා තිබෙනවා .
Comments