ඊයේ (17) රාත්‍රී 10.25 ට පමණ රත්නපුර පොලිස් වසමේ රදැල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.
රදැල්ල මාර්ගයේ බජාජ් සේවා මධ්‍යස්ථානය අසලදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර තුවාලකරු අවු 39ක් වන තිස්ස රත්නශාන්ත යන අය වේ.
තුවාලකරු මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබීම සිදුකළ අය පිළිබද මෙතෙක් අනාවරණය වී නොමැත.
රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.