Business is booming.

රත්තරං ඉල්ලා අස්වෙයි

0 225

දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්ප කුමාර නොහොත් රත්තරං දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නා බවත් ප්‍රකාශ කරයි.

වයස අවුරුදු 16ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් හේතුවෙන් පසුගිය සමයේ ඔහු පිළිබඳ දැඩි කතාබහක් මතු විය.

ඒ සම්බන්ධයෙන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකාරියේ විභාග වන නඩුව හේතුවෙන් නඩුව අවසන් වනතුරු දේශපාලනයෙන් සමුගන්නා බව එතුමන් තවදුරටත් ප්‍රකාශ කරයි.

අද (18) උදෑසන ගාල්ලේ පැවැත් වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

ඔහු කියා සිටියේ පසුගිය දිනවල තමා කෙරෙහි එල්ල වු අභූත චෝදනා සම්බන්ධයෙන් කල්පනා කරමින්, මෙම තීරණය ගනු ලැබූ බව මාධ්‍යයට පවසයි.

 

 

Comments
Loading...