මුලතිව්,තට්ටාමලෙයි ප්රදේශයේදී යුධ හමුදා කැබ් රථයක් පෙරළීමෙන් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අද(21) ජිවිතක්ෂයට පත්වෙයි.
මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ ජනාධිපතිවරයාගේ මුලතිව් සංචාරය වෙත සහභාගීවීමට ගොස් නැවත පැමිණෙමින් තිබු යුධ හමුදා කැබ් රථයක් මෙලෙස පෙරළී ඇතැයි සඳහන් වේ.
අනතුරින් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් සාමාජිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇත.