Business is booming.

යාපනය යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

වවුනියාව - මාධව කුලසූරිය

0 203

යාපනය,සංගුප්පිට්ටි ප්‍රදේශයේදී ඊයේ(24)සවස යාපනය ප්‍රදේශයේ සිට පුනරීන් ප්‍රදේශයට ගමන් කරමින් සිටි යතුරු පැදියක් අනතුරකට ලක්විය.

අනතුරින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසයි.

අධික‍ වේගයෙන් පැමිණි යතුරුපැදියක් වංගුවක් ගැනීමට යාමේදි වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගය ආසන්නයේ පැවති ගලක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ශිවප්‍රකාශම් දනුෂන් නමැති තරුණයෙකි.

එම ප්‍රදේශයේම පදිංචි වසන්තකුමාර් නිරෝෂන් නමැති 24 හැවිරිදි තරුණයාද අනතුරින් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි

Comments
Loading...