Business is booming.

යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ අනතුරකින් සිව්දෙනෙකුට තුවාල.

වවුනියාව - මාධව කුලසූරිය

0 114

යාපනය,නුවර ප්‍ර‍ධාන මාර්ගයේ මැදවච්චිය,මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (11) සවස රිය අනතුරක් සිදු වී ඇත.

සිදුවු රිය අනතුරින් පුද්ගලයින් සිවිදෙනෙකු තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූ ආතාරයට වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් වෑන් රථයේ ගමන්ගත් පිරිසක් තුවාල ලබා ඇත.

වවුනියාව සිට කටුනායක ගුවන්තොටුපොළ බලා ධාවනය වු වෑන් රථයක් හා වවුනියාව සිට අනුරාධපුරය දෙසට ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක මෙලෙස එකට ගැටී ඇත.

වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ත් 35 ත් අතර වයසේ පසුවන තරුණයින් පිරිසක් මෙහිදී තුවාල ලබා ඇත.

අධික වේගය අනතුරට හේතුවි ඇති බව පොලිසිය සඳහන් කරන අතර,තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි

Comments
Loading...