යාපනය,පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි මාස හයක ගර්භනි හෙද නිළධාරිනියක් පෙරේදා(27) ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අදාළ ගර්භනි කාන්තාවට ඇති වු අසනීප තත්වයක් සම්බන්ධයෙන් අදාළ ගර්භනි හෙද නිළධාරිනිය පේදුරුතුඩුව මන්තිකෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම මරණය සිදු වී ඇත.
ඇය යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි කුලදීපන් බ්‍රින්ද්‍රා නමැති 32 හැවිරිදි එක්දරු මවකි.
අදාළ ගර්භනි හෙද නිළධාරිනිය නිවසේදී එන්නතක් විදගෙන ඇති අතර අදාළ එන්නත විෂවීමෙන් අදාළ මරණය සිදුව ඇති බවට මූලික වෛද්‍ය පරියේෂණයන්ගෙන් අනාවරණය වි ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය
මියගිය හෙද නිළධාරිනියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ හා අධිකරණ වෛද්‍ය නිළධාරි පරීක්ෂණ යාපනය රෝහල මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය නෙල්ලිඅඩි හා පේදුරුතුඩුව පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.