Business is booming.

යාපනයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

මාධව කුලසූරිය - වව්නියාව

0 154

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ බස් නැවතුම්පලක තුළ දමා ගොස් තිබූ අධිබලැති පුපුරනද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 495 ක් ඊයේ දින සොයාගැනීමට සමත් වූ බව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 

නාවික හමුදා බුද්ධි නිළධාරීන්ගේන් ලැබුනු තොරතුරක් මත කළ සෝදිසි කිරීමකදී මෙම පුපුරණද්‍රව්‍ය තොගය හමුවූ බව පොලිස් විශේෂ බළකායේ නිළධාරීන් ප්‍රකාශ කරයි. 

ඩෙටනේටර් සහ බෝම්බ පිපිරවීම සඳහා ගන්නා සේවානූල් කිහිපයක්ද මෙලෙස සොයාගනු ලැබීය. 

මෙම පුපුරණද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයෙකු පිළිබඳ හෝ ගෙන ආ ආකාරය පිළිබඳ නිශ්චිත තොරතුරක් මේ වන විටත් ලැබී නොමැති අතර එම පුද්ගලයා පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

Comments
Loading...