කොළඹ සිට යාපනය බලා ධාවනය වු දුම්රියේ යාපනය චාවකච්චේරි ප්රදේශයේදි යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (01) සවස තරුණයෙකු ජිවිතක්ෂයට ඇති බව චාවකච්චේරිය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ යාපනය,චාවකච්චේරි රෝහල ඉදිරිපස දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදියක් ධාවනය කිරීමට උත්සහ කිරීමේදී යතුරුපැදිය දුම්රියේ ගැටී ඇති බවයි.
අනතුරින් යාපනය නාවට්කුලිය ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස දුම්රියේ ගැටීමෙන් විසිවි ගොස් වැටීමෙන් තුවාල සිදුවි යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
දුම්රිය ගේට්ටු සංඥා ක්රියාත්මක වෙමින් තිබියදී අදාළ තරුණයා දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනයට උත්සක කිරීමේදී අනතුර සිදුව ඇති බවද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි