මන්නාරම සිට යාපනය බලා ධාවනය වු යතුරුපැදියක් ඊයේ(03) සවස ට්රැක්ටර රථයක ගැටී තරුණයෙකු ජිවිතක්ෂයට පත්වෙයි.
පොලිසිය පැවසූවේ යතුරුපැදි තුනකින් තරුණයින් හය දෙනෙකු යාපනය බලා ගමන් කරන අවස්ථාවක මෙලෙස එක් යතුරුපැදියක් ට්රැක්ටරයක ගැටී ඇති බවය
එම අනතුරින් යතුරුපැදියක ගමන්ගත් මන්නාරම අඩම්පන් ප්රදේශයේ පදිංචි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර,තවත් තිදෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලිසිය ප්රකාශ කරයි.
යතුරුපැදියේ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ට්රැක්ටර රථයේ ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.