ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 05 ක් යලි එරටට භාර දීම ඊයේ (23) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කර තිබෙනවා.
මෙම ට්‍රෝලර් යාත්‍රා කරෛයිනගර්, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ ජැටියෙහි නැංගුරම් ලා තිබු අතර, එම ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන තිබෙනවා.
ඒ අනුව, එම ට්‍රෝලර් ධීවර යාත්‍රාවන්හි අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව එරට බලා පිටත් වන ලද අතර, එම ට්‍රෝලර් ධීවර යාත්‍රා භාරදීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් එක් වූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසන්නේ.
ඒ අනුව, ඔවුන් ඊයේ සන්ධ්‍යාවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.