වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්රියාකාරි යාත්රා බලඝණයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) උඩප්පුව මුහුදු ප්රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්රෑම් 1232.5 ක ප්රමාණයක් සොයා ගැනීමට සමත් වී ඇත.
මෙම බීඩී කොළ තොගය පාර්සල් 35 ක බහා තිබූ බව වාර්තා වේ.
මෙම බීඩි තොගය නීති විරෝධී අන්දමින් මෙරටට රැගෙන ඒම සඳහා මුහුදේ පා කිරීමට කටයුතු කර ඇතැයි සැක ඵල වේ.
අදාල බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා සින්නපාඩු, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.