අද උදෑසන (ජනවාරි 14) මන්නාරම් වෙරළ ප්රදේශයේ උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් විසින් කළ පා මුර සංචාරයකදී නීති විරෝදි ලෙස අල්ලා ගත් මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගන්නා ලදී.
එහිදී ඩිංගි යාත්රාවක් සහ පිටත දහන යන්ත්රයක් ද මුහුදු කූඩැල්ලන් කිලෝ ග්රෑම් 302ක්, ද සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
මෙම මුහුදු කූඩැල්ලන් ඩිංගි යාත්රාවේ මලු 12ක් තුල සඟවා තිබියදී සොයාගෙන ඇත.
සොයාගත් සියල්ල වැඩිදුර පරීක්ෂණ සඳහා යාපනය රේගු කාර්යාල වෙත භාර දීමට කටයුතු කර ඇත.