Business is booming.

මිලියන 1080ක් වටිනා හෙරොයින් කිලෝ 90ක් සමග පහක් දැලේ

0 234

රුපියල් මිලියන 1080කට අධික වටිනාකමකින් යුක්ත හෙරොයින් කිලෝග්‍රෑම් 90ක් සමග සැකකරුවන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක පළමු මහලේ පිහිටි නිවසක තිබී මෙම හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී සොයාගැනුණු බවයි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වයස අවුරුදු 29ක් සහ 43ක් වූ අමෙරිකානුවන් දෙදෙනෙකු අවුරුදු 45ක් පමණ වන ඇෆ්ගනිස්ථානු ජාතිකයකු සහ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් සහ 39ක් වූ සැකකරුවන් දෙදෙනෙකු වනවා.  

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

[embeddoc url=”http://www.ratawatanews.lk/wp-content/uploads/2019/01/Media-on-2019.01.22-at-1300.pdf” download=”none”]

 

Comments
Loading...