Business is booming.

මැණික්හින්නේ ලොරි  – ත්‍රිරෝද රථ අනතුරෙන් අයෙක් මරුට – අයෙක්ට බරපතලයි

හේරත් ඒකනායක - මහනුවර

0 300

මහනුවර මැණික්හින්න පොලිස් වසමෙි මහනුවර කටුගස්තොට හරහා දිගන මාර්ගයේ මල්පාන ප්‍රදේශයේදි ඊයේ (19) රාත්‍රි 8.30 පමණ ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා මැණික්හින්න ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

පොලිසිය කියා සිටියේ දිගන දෙස සිට පැමිණි ත්‍රිරෝද රථය මැණික්හින්න දෙස සිටි පැමිණි ලොරි රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව තොරතුරු මූළික පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇති බවයි. 

දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි එම්. රිස්වාන් නමැති ත්‍රිරෝද රථයේ රියැදුරා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා බරපතල තත්ත්වයෙන් පසුවීම නිසා මැණික්හින්න රෝහලෙන් මහනුවර රෝහලට මාරු කර යැවුණා. 

සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු පොලිස් භාරයේ පසුවන අතර මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂනය අද(20) දින සිදු කිරීමට නියමිත බවයි පොලිසිය කියා සිටියේ. අනතුර සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.

Comments
Loading...