Business is booming.

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ සැකකරුවන් යළි රිමාන්ඩ්

0 124

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනෙකු එළැඹෙන 16 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර තිබෙනවා. 

ඒ් සැකකරුවන් අද(02) මාවනැල්ල මහේස්ත්‍රාත්වරයා වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

මෙම සැකකරුවන් හත් දෙනා පසුගිය 26 වනදා අත්අඩංගුවට ගැනුණු අතර සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය, පොලිස් විශෙෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ නිලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙහි ප්‍රධාන පෙළේ සාමාජිකයන් වන මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි ඒකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු වන අතර ඔවුන් මුස්ලිම් ජාතිකයන් බවටද අනාවරණ වනවා. 

දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තවත් ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කැඩීමේ සිද්ධීන්වලට සම්බන්ධ බවට පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැන්වීමෙන් පසුව එළැඹෙන 9 වන දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නියෝගයද ලබාදී තිබෙනවා. 

මේ අතර මෙලෙස අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් වයස අවුරුදු 25ට අඩු අය බවත් අත්අඩංගුවට ගැනීමට සිටින සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 29 යන වයස්වල පසුවන්නන් බවත් පොලිසිය පවසනවා. 

Comments
Loading...