20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසා සිටියි.
විදෙස් මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව මාධ්‍යයට වාරතා කර ඇති බව වාර්තා වෙයි.
මෙවර එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව ලසිත් මාලිංග මීට පෙර අවස්ථාවකදීද ප්‍රකාශ කර තිබුණි.
යම් හේතුවකින් තමන්ට පන්දුවාර 20/20 ලෝක කුසාලන තරගාවලිය සඳහා සහභාගී වීමට ලැබුණහොත් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කරන බව ඔහු පවසා ඇත.