ඊයේ (08) සවස 03.45ට පමණ මාවතගම බෝයගොඩ ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.
මාවතගම කුරුණෑගල ප්රධාන මාර්ගයේ කුරුණෑගල දෙසට ධාවනය වූ ත්රීරොද රථයක පිටුපසින් එම දිශාවටම ධාවනය වූ කාර් රථයක් ත්රී රොද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
එහිදී ත්රීරොද රථයේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා ගලගෙදර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
මරනකරු වයස 62ක් වූ රොක්හිල් ගලගෙදර පදිංචි උඩගෙදර උපසේන අය වේ.
අනතුරට පත් කාර් රථයේ රියදුරුද පොලිස් ආරක්ෂාව යටතේ කුරුණෑගල රෝහල් ප්රතිකාර ලබන අතර මාවතගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.