Business is booming.

මාන්කුලමේ බස් රථ අනතුරකින් අයෙක් මරුට.අට දෙනෙකුට තුවාල

0 217

කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් සුඛෝපභෝගි බස් රථයක් මාන්කුලම ප්‍රදේශයේදී අද(26) අලුයම අනතුරට පත් විය.

මෙම අනතුර සිදු වී ඇත්තේ අදාල බස් රථය නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙනි.

අනතුරින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබුවන් මාන්කුලම හා කිලිනොච්චිය රෝහල් වෙත ඇතුළත් කොට ඇති බව සදහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි

Comments
Loading...