Business is booming.

මාතලේ රෝහලේ අහඹු පරීක්ෂණ

05ක් පොසිටිව්

0 28

මාතලේ මහ රෝහලේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් පුද්ගලයින් 05 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මාතලේ මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා සඳහන් කළේ, බාහිර ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් තිදෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවය.

වාට්ටු අංක 07 සහ 09 ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් අහඹු ලෙස ඊයේ (08) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් එම ආසාදිතයින් හඳුනාගත් බව වෛද්‍ය අසේල දිසානායක මහතා සඳහන් කළේය.

Comments
Loading...