මාතලේ දිස්ත්රික්කයේ ඉදිරියේදී දේශපාලන බල පෙරළියකට සාකච්ඡා රැසක් සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග කියා සිටියි.
ඉදිරියේ දී පැවැත්වෙන් ඕනෑම මැතිවරණයක් යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමේ අරමුණින් දිස්ත්රික්කයේ විවිධ දේශපාලන පක්ෂ මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
එම පිරිස අතර පසුගිය සමයේ වඩාත් කතාබහට ලක්වු දේශපාලන ප්රවාහයේ ප්රබල පිරිස් සිටින බව වාර්තා වෙමින් තිබේ.
මෙම තත්ත්වය හමුවේ මාතලේ දිස්ත්රික්කයේ ශ්රි ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ප්රාදේශිය සභා රැසක බල තුළනයන් සිදුවිය හැකි බවත් පොහොට්ටුව යටතේ තරග කළ ඇතැම් මන්ත්රිවරුන් මේ වන විටත් ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රිවරුන් හා එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරුන් හා එක්ව පුළුල් සංධානයක් යටතේ ඉදිරියෙ දි මාතලේ දිස්ත්රිකයෙන් එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
Comments