Business is booming.

මහින්ද රාජපක්ෂ මහතාගේ රෙදි ගලවන්ඩ උත්සහ කල අනුර කුමාර දිසානායක මහතා 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එක්සත් ජතික පක්ෂයට සේලයින් දෙන්ඩ උත්සහ කරයි

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියයි

0 241

මහින්ද රාජපක්ෂ මහතාගේ රෙදි ගලවන්ඩ උත්සහ කරමින් මහින්ද රාජපක්ෂ මහතාට දැඩි අපවාද  කිවු  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලග වැද වැටෙන බව මහනුවර දිස්ත්‍රික් ප.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මන්ත්‍රිවරයා මේ බැව් කියා සිටියේ නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ අද (01) පවැති කල එලි මංගල්‍යයට සහභාගි විමෙන් අනතුරවය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ විධායක ජනාධිපති බලතල අඩුකර අගමැති බලතල වැඩි කිරිමට මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලබාගෙන එත්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යලිත් මේ රටේ බලතල ඇති අගමැතිවරයෙකු වශයෙන් පත් කිරිමට අනුර කුමාර දිසානායක මහතා උත්සහ කරන බවයි.

එයට කිසිසේත් එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඉඩ ලබා නොදෙන බවත්, අනුර කුමාර දිසානායක මහතා  උත්සහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යයට කියා සිටී.

Comments
Loading...