මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. අදාළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් වූ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පසුගිය 12 වනදා එය කැඳවනු ලැබුවා. ඒ අනුව අභියාචනය අද (14) සලකා බැලීමට නියමිතයි.